සිරි දළදා වන්දනාව අදින්(27) අවසන් වේ.
දින 10 ක් පුරා සිරි දළඳා වන්දනාව වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණියේ ය.
මහනුවර නගරය පිරිසිදු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්, අද පස්වරුවේ ආරම්භ වේ.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා සඳහන් කළේ, පාර්ශ්ව රැසක දායකත්වයෙන් එම කටයුතු සිදු කෙරෙන බවයි.
ඒ අනුව මහනුවර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලය, ශිෂ්‍යයන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතය.
එසේම දළදා දැක්ම නිමාවී පැය 24ක් තුළදී මහනුවර පිරිසිදු කිරීමේ වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා,මධ්‍යම පළාත් සභාව, මහනුවර මහ නගර සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන ගණනාවක සහභාගීත්වයෙන් අද පස්වරු 4.00 ආරම්භ වීමට නියමිතය.