Home » දේශබන්දු ධූරයෙන් ඉවත් කිරීමේ කමිටුවේ සහයට පොලිස් කණ්ඩායමක්

දේශබන්දු ධූරයෙන් ඉවත් කිරීමේ කමිටුවේ සහයට පොලිස් කණ්ඩායමක්

by chanaka
April 27, 2025 3:26 pm 0 comment

ධූරයේ කටයුතු කිරීම වළක්වා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි විමර්ශන කටයුතු සඳහා පත් කළ කමිටුවට සහය වීම සඳහා පොලිස් විමර්ශන කණ්ඩායමක් පත් කර තිබේ.

එම කණ්ඩායම නිලධාරීන් 4දෙනෙක්ගෙන් සමන්විත බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි විමර්ශන කටයුතු සඳහා පත් කළ කමිටුව පසුගියදා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට දැනුම් දුන්නේ ඊට සහය වීම සදහා පොලිස් විමර්ශන කණ්ඩායමක් පත් කරන ලෙසයි.

ඒ අදාළ කමිටුව පසුගිය 25 වනදා පාර්ලිමේන්තුවේදී දෙවන වරටත් රැස්වූ අවස්ථාවේදීය.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පරීක්ෂණ කමිටුවේ සහයට පත් කිරීමට ද තීරණය කෙරුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT