Home » භාර නොගත් ගමන් මළු නැවත ගන්න දින දෙකක්

භාර නොගත් ගමන් මළු නැවත ගන්න දින දෙකක්

by yasara
April 28, 2025 9:28 am 0 comment

සිරි දළඳා වන්දනාව සඳහා පැමිණි බැතිමතුන්ගේ ගමන් මළු රඳවා තබාගෙන වන්දනාවෙන් පසු නැවත භාරදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කළ අතර, ඇතැම් ගමන්මළු නැවත භාර නොගැනීම හේතුවෙන් භාරදුන් ස්ථානවලම ඒවා සුරක්ෂිතව පවතියි.

එම ගමන්මළු මහනුවර වැවරවුමේ ජෝයි බෝට්ටු සේවාව ක්‍රියාත්මක වන ස්ථානය ඉදිරිපිටදී නැවත ලබාදීමේ වැඩපිළිවෙලක් අද (28) සහ හෙට (29) දෙදින තුළ ක්‍රියාත්මකයි.

ඒ අනුව එම ස්ථානයට පැමිණ අනන්‍යතාවය ඉදිරිපත් කර තමන්ගේ ගමන් බෑගය ලබාගන්නා ලෙසයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පහත නම් සඳහන් නිලධාරීන්ගේ දුරකථන අංකයන් වෙත ඇමතීමෙන් ලබාගත හැකියි.

පොලිස් කොස්තාපල් දිසානායක මයා – 071-580 3000

ජ්‍යෙෂ්ඨ නියාමක අබේරත්න මයා – 077-531 1797

කාන්තා උප නියාමක චාන්දනී මධුරසිංහ මිය – 071-096 5890

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT