Home » ප්‍රතිඵල නිකුත් වූ උසස් පෙළ සිසුන්ට නිවේදනයක්

ප්‍රතිඵල නිකුත් වූ උසස් පෙළ සිසුන්ට නිවේදනයක්

by yasara
April 28, 2025 12:07 pm 0 comment

සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම,  නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, https://onlineexams.gov.lk/eic, http://www.doenets.lk සහ http://www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම මගින් ප්‍රතිඵල සටහනක් බාගත කර ගැනීම හෝ නිරීක්ෂණය කිරීම සඳහා පහසුකම් සලසා දී තිබෙයි.

එමෙන්ම , ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකියි.

මේ අතර, සියලුම විදුහල්පතිවරුන් හට https://onlineexams.gov.lk/eic සබැඳියට පිවිසීම මඟින් අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User Name) සහ මුරපද (Password) භාවිතා කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.

සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම (User Name) සහ මුරපද (Password) භාවිතා කර https://onlineexams.gov.lk සබැඳිය මඟින් පළාතේ, කලාපයේ සියලු පාසල්වල ප්‍රතිඵල බාගත කර ගැනීම, නිරීක්ෂණය කිරීමටද පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව පාසල්වල මුද්‍රිත විභාග ප්‍රතිඵල ලේඛන, විදුහල්පතිවරුන් වෙත නිකුත් කිරීමට පියවර ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රතිඵල නැවත සමීකආම් https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ 2025.05.02 දින සිට 2025.05.16 දින දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව වැඩිදුරටත් දැනුම් දී තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT