Home » නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ 500 ක් විනාශ කෙරේ

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ 500 ක් විනාශ කෙරේ

by yasara
April 28, 2025 4:33 pm 0 comment

නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 500කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීම අද (28) සිදු කෙරුණි.

ඒ  ඉන්සි සිමෙන්ති සමාගමට අයත් දහන උදුන තුළදීයි.

මෙම හෙරොයින් තොගය පුත්තලම පාලවිය ප්‍රදේශයට රැගෙන යාම සිදු කෙරුණේ අධි ආරක්ෂාවක් යටතේයි.

මතින් තොර සුරක්ෂිත දේශයක් ගොඩනැගීමේ සංකල්පය සහිතව ශ්‍රී ලංකා පොලිසිය තවත් අංශ ගණනාවක් ඒකාබද්ධ කර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය විනාශ කරන ලෙස මහාධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබුණි.

ඒ අනුව අද (28) උදෑසන කොළඹ මහාධිකරණයෙන් භාර ගත් හෙරොයින් කිලෝ 494ග්‍රෑම් 48ක තොගයක් පුත්තලම දක්වා රැගෙන යාම සිදු කෙරුණි.

අධි ආරක්ෂාවක් යටතේ මත්ද්‍රව්‍ය තොගය රැගෙන යාමට කටයුතු කළ අතර මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT