Home » කොම්පඤ්ඤවීදීය ගුවන් පාලම හැකි ඉක්මනින් නිම කරන්න… ඇමති බිමල්ගෙන් උපදෙස්

කොම්පඤ්ඤවීදීය ගුවන් පාලම හැකි ඉක්මනින් නිම කරන්න… ඇමති බිමල්ගෙන් උපදෙස්

by chanaka
April 28, 2025 7:39 pm 0 comment

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද දහවල් කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලම අතරමඟ නැවතී තිබීම සම්බන්ධයෙන් නීරීක්ෂණයකට සහභාගී විය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරීය මහතා සහ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර මෙම ප්‍රමාදයට හේතු වූ පොලිස් නේවාසිකාගාර ඉවත් කිරීමට අදාල කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළහ.

මෙකී ප්‍රමාදය හේතුවෙන් රු. මිලියන 400 ක් පමණ කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රමාද ගාස්තු ලෙස ගෙවිමට සිදු ව ඇති බවත් ගෙවෙන දිනයක් පාසා ලක්ෂ 05 බැගින් විශාල නාස්තියක් සිදු වන බැවින් වහාම මෙය විසදිය යුතු බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර මේ වසර අවසන් වන විට කෙසේ හෝ පාලම ඉදි කර අවසන් කරන ලෙස අදාල නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක‍්‍ෂ ජෙනරාල් ඇතුළු නිලධාරීහු ද අමාත්‍යාංශය සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ අදාල නිලධාරීහු ද මේ අවස්ථාවවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT