මානව ප්‍රේමය දිග හැරෙන සමහර කතා ඉවරවෙන්නේ තත්ත්පරයට. ඒ කතාවලට ලොකු ඉතිහාසයක් නැතිවුණත් මතක හිටින කාලය ගොඩක් දිගයි. පිරිමි – ගැහැනු කියන දෙපිරිසක් ඉන්න ලෝකයක අපිට කතාවලදී වැඩිපුරම මතක හිටින්නේ ගැහැනු. ගැහැනුන්ට මතක හිටින්නේ පිරිමි. මේ අතරේ අසාමාන්‍ය ආකාරයට මෙය වෙනස් වෙන්නත් පුළුවන්. මේකට විවිධ නම් යොදාගන්න පුළුවන්. මේ ඔක්කොම අතරේ ආදරයක් තියෙන්නත් පුළුවන්.
ඒකට තමයි මිනිස්සු නොදන්නවා වුණාට මානව ප්‍රේමය කියන්නේ. ඔය ප්‍රේමය එක එක අතට හරවගන්න සමහරුන්ට පුළුවන්. අම්මට, තාත්තට කරන ආදරයයි, ගුරුවරුන්ට, මාමට නැන්දට කරන ආදරයයි, මිත්‍රයට කරන ආදරයයි එකිනෙකට වෙනස්. ඒවා තුළ රාගය නැහැ. ඉතින් ගැහැනු ළමයි පිරිමි ළමයින්ටත් එහෙම ආදර කතා ජීවිතයක් තුළ තියෙන්න බැරිද? එහෙම සබඳතා ආදර කතන්දර වගේ ඉවර වෙන්නේ නෑ. ඉවර කරන්නත් බෑ. කොහේ ගියත් ඒ මතක එහෙමම තියෙනවා.
මේ අහස යට ඉඳලා, වෙන අහසක ඉඳලා, රාග විරාග ප්‍රේම කියලා ආදරේ කොටස් දෙකකට වෙන් කළාම මානව ප්‍රේමය වැටෙන්න විරාග ගොඩට. ඒක පවතින්නේ ඕනම දේ තමයි විරාගය. නමුත් ආදරේට අමාරුකම් නැහැ. කොහොමහරි පවතිනවා. රණ්ඩුවෙලා අඬලා දොඩලා හරි. හිතන්නකෝ ආදරණීයම අයට ඇරෙන්න රණ්ඩු කරලා යාළුවෙන්න පුළුවන් ද? බැහැ. මානව ප්‍රේමය ඇරෙන්න කිසිම ප්‍රේමයක් පවතින්නේ නැත්තේ ඒ නිසාමයි. කවුරු කොහේ ගියත් බැන්නත් සමාව ගත්තත් ආදරය කියන එක අඩුවක් නොවෙන්න වගබලාගත යුතුයි.
කේ.ඒ. එච්. යශෝධා