Home » පාකිස්තානයට ජලය සපයන ඉන්දුස් ගිවිසුම නවතී

පාකිස්තානයට ජලය සපයන ඉන්දුස් ගිවිසුම නවතී

by sachintha
April 28, 2025 1:00 am 0 comment

කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වසර 65ක් පුරා පාකිස්තානය සමඟ ඇතිකරගත් ඉන්දුස් ජල ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඉන්දීය රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක බැංකුවේ සහාය ඇතිව වසර 1960 දී අත්සන් තබනු ලැබූ එම ගිවිසුමට අනුව ඉන්දු- පාකිස්තාන දේශසීමා ඔස්සේ ගලා හැලෙන ප්‍රධාන ගංගා 6කින් නැඟෙනහිරින් පිහිටි ගංගා තුනක පාලනය ඉන්දියාවට සහ බටහිරෙන් පිහිටි ගංගා තුනක පාලනය පාකිස්තානයට ලැබී තිබූ අතර, කාශ්මීර ප්‍රහාරයෙන් පසු දේශසීමාව වසා දැමීමට ඉන්දීය රජය පියවර ගැනීමත් සමඟ එම ජල ගිවිසුම ද අත්හිටුවූ බව ඉන්දියාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මේ තත්ත්වය මත පාකිස්තානයේ ප්‍රාන්ත රැසක ගොවීහු දුෂ්කරතාවට පත්වනු ඇතැයි ද, භෝග වගාවට දැඩි බලපෑම් එල්ල වීමේ අවදානමක් මතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පාකිස්තානය දේශසීමා ත්‍රස්තවාදයට දක්වන සහයෝගය අත්හරින තුරු එම ගිවිසුම අනුව නැවත ජලය සැපයීම සිදු නොවන බවට ඉන්දියාව ප්‍රකාශ කර ඇති අතර, එමඟින් දෙරට අතර දේශපාලන අර්බුදය ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් අනාවැකි පළ කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT