Home » ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දීය රජයට විපක්ෂයේ සහාය රාහුල් ගාන්ධිගෙන් ප්‍රකාශයක්

ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දීය රජයට විපක්ෂයේ සහාය රාහුල් ගාන්ධිගෙන් ප්‍රකාශයක්

by sachintha
April 28, 2025 1:02 am 0 comment

කාශ්මිරයේ පැහැල්ගාම් නිම්නයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් ඊට එරෙහිව රජය ගන්නා ඕනෑම පියවරක් සඳහා සහාය පළ කරන බවට ඉන්දියාවේ විපක්ෂ නායක ඉන්දීය කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ගාන්ධි ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි. කාශ්මීර ප්‍රහාරයෙන් පසු පැවැති ඉන්දියාවේ සර්වපාක්ෂික රැස්වීමකදී රාහුල් ගාන්ධි ප්‍රකාශ කර ඇත්තේ පැහැල්ගාම් ප්‍රහාරය පක්ෂ භේදයකින් හා දේශපාලන භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරු හෙළා දකින බවය. එමෙන්ම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ඉන්දීය රජය විසින් ගනු ලබන ඕනෑම ආකාරයක ක්‍රියාමාර්ගයක් සඳහා උපරිම සහාය ලබාදීමට ද එම රැස්වීමේදී තීරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙසත්, මේ ප්‍රහාරය සමස්ත ඉන්දීය ජනතාව දැඩි කෝපයට පත් කළ සිදුවීමක් බවත් ඉන්දියාවේ ආම් ආත්මි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජේ සිං ප්‍රකාශ කර ඇති අතර, ත්‍රස්තවාදීන්ට එරෙහිව අසල්වාසී පාකිස්තානය ද අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයි සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT