Home » පාකිස්තාන YouTube 16 ක් තහනම්

පාකිස්තාන YouTube 16 ක් තහනම්

by chanaka
April 28, 2025 2:44 pm 0 comment

ඉන්දියාවේ ග්‍රාහක මිලියන 63 ක් සිටින පාකිස්තාන YouTube නාලිකා 16 ක් තහනම් කර තිබේ.

ඒ කාශ්මීර්, පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රකෝපකාරී සහ වාර්ගික වශයෙන් සංවේදී අන්තර්ගත පතුරුවාහැරීම හේතුවෙනි.

Dawn, Samaa TV, ARY News, Bol News, Raftar, Geo News සහ Suno News ප්‍රවෘත්ති ආයතනවල YouTube තහනම් කළ නාලිකා අතර වේ.

එමෙන්ම, Irshad Bhatti, Asma Shirazi, Umar Cheema සහ Muneeb Farooq යන මාධ්‍යවේදීන්ගේ YouTube නාලිකා ද තහනම් කර ඇත.

තහනම් කළ අනෙක් නාලිකා වන්නේ, Pakistan Reference, Samaa Sports, Uzair Cricket සහ Razi Naama ය.

ඉන්දියාව චෝදනා කරන්නේ, එම YouTube නාලිකා ඉන්දියාව, ඉන්දීය හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලට එරෙහිව ප්‍රකෝපකාරී සහ වාර්ගික වශයෙන් සංවේදී, අසත්‍ය, නොමඟ යවන සහ වැරදි අන්තර්ගත පතුරුවා හරිමින් සිටින බවයි.

පසුගිය අප්‍රේල් 22 වැනිදා කාශ්මීර්, පහල්ගම්හිදී ත්‍රස්තවාදීන් වෙඩි තබා සංචාරකයින් 25 දෙනෙක් සහ කාශ්මීර ජාතිකයෙක් ඝාතනය කළේය.

අනතුරුව ඉන්දියාව පාකිස්තානයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත්තේ, එම ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන භූමිකාවක් පාකිස්තානය ඉටු කළ බවට චෝදනා කරමින්ය.

ඒ අනුව, පාකිස්තානය සමඟ පැවති ඉන්දු ජල ගිවිසුම සහ පකිස්තාන ජාතිකයින්ට වීසා නිකුත්කිරීම අත්හිටුවා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් පාකිස්තානය පැවසුවේ, සිම්ලා ගිවිසුම ඇතුළු ඉන්දියාව සමඟ පවතින සියලු ද්විපාර්ශ්වික ගිවිසුම් අත්හිටුවීමට තමන්ට අයිතියක් ඇති බවයි.

මේ අතර, පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහ ඒ පිටුපස සිටින අයට සිතාගත නොහැකි දඬුවමක් ලැබෙන බවට අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කළේය.

ඔහු පැවසුවේ, ඉන්දියාව සෑම ත්‍රස්තවාදියෙක් සහ ඔවුන්ගේ අනුග්‍රාහකයින් හඳුනාගෙන, ලුහුබැඳ ගොස් දඬුවම් කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT