Home » චීන න්‍යෂ්ටික බලශක්තියේ සමස්ත පරිමාණය ප්‍රථම වරට ලොව පළමු ස්ථානයට

චීන න්‍යෂ්ටික බලශක්තියේ සමස්ත පරිමාණය ප්‍රථම වරට ලොව පළමු ස්ථානයට

by chanaka
April 28, 2025 7:20 pm 0 comment

“චීන න්‍යෂ්ටික බලශක්ති සංවර්ධන වාර්තාව 2025” යන නිල් පත්‍රිකාව නිකුත් කෙරේ.

චීන න්‍යෂ්ටික බලශක්ති සංගමය විසින් ඊයේ (27) නිකුත් කරන ලද එම නිල් පත්‍රිකාවට අනුව, මේ වන විට චීනයේ ක්‍රියාත්මක වන, ඉදිවෙමින් පවතින සහ ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබා ඇති න්‍යෂ්ටික බල ඒකක සංඛ්‍යාව 102 ක් වන අතර, එහි විදුලි නිෂ්පාදන ධාරිතාව කිලෝවොට් මිලියන 113 කි. මේ අනුව චීනයේ න්‍යෂ්ටික බලශක්තියේ සමස්ත පරිමාණය ප්‍රථම වරට ලොව පළමු ස්ථානයට පැමිණ තිබේ.

දැනට, චීනයේ ඉදිවෙමින් පවතින න්‍යෂ්ටික බල ඒකක සංඛ්‍යාව 28 ක් වන අතර එහි විදුලි නිෂ්පාදන ධාරිතාව කිලෝවොට් මිලියන 33.65 ක් වනු ඇතැයි අපේක්ෂිතය. එම අගය අඛණ්ඩව වසර 18 ක් පුරා ලොව පළමුවන ස්ථානයේ පසු වේ. මේ අතර වාණිජ න්‍යෂ්ටික බල ඒකකවල සංඛ්‍යාව 58ක් වන අතර, එහි විදුලි නිෂ්පාදන ධාරිතාව කිලෝවොට් මිලියන 60.96කි.

2024 වසරේදී රට පුරා ක්‍රියාත්මක වූ න්‍යෂ්ටික බල ඒකකවල සමස්ත විදුලි උත්පාදනය කිලෝවොට් බිලියන 444.7 දක්වා ළඟා වූ අතර එය රටේ විදුලි උත්පාදනයෙන් 4.72% ක් විය. එය ලෝකයේ දෙවන ස්ථානයට පත්ව තිබේ. සම්මත ගල් අඟුරු පරිභෝජනය ටොන් මිලියන 127කින් සහ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් මිලියන 334කින් එයින් අඩු වී ඇත.

වසර 2024 වන විට, චීනයේ න්‍යෂ්ටික බලශක්ති නිපදවීමේ ප්‍රධාන උපකරණ සියයට 100ක් ස්වයං නිෂ්පාදනය සහ ප්‍රධාන සංරචක තාක්ෂණයන්හි ස්වාධීන පාලනය සාක්ෂාත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT