Thursday, May 15, 2025
Home » කෑස්බෑව ප්‍රදේශීය සභාවේ NPP නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ඉල්ලූ පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ

කෑස්බෑව ප්‍රදේශීය සභාවේ NPP නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ඉල්ලූ පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ

by chanaka
April 28, 2025 11:27 am 0 comment

නෙල්කා මැදගෙදර

කැස්බෑව ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමකින් තොරවම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීරණය කළේය.

එම පෙත්සම් සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමට හෝ පෙත්සම් ඉල්ලා සිටින සහන ලබාදීමට පදනමක් නොමැත යන පදනම මත ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විසුරු මඩල්ල විසින් මෙම පෙත්සම් ඉවත දමන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT