Home » තරුණයෙකු ඝාතනය කළ 05දෙනෙකුට මරණ දඬුවම නියම වෙයි

තරුණයෙකු ඝාතනය කළ 05දෙනෙකුට මරණ දඬුවම නියම වෙයි

by chanaka
April 28, 2025 6:17 pm 0 comment

2012 වසරේ කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසල දී තරුණයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 05දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

අදාළ චෝදනාවට වරදකරු කළ තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්ද නියම කර ඇත.

එම වරද සිදු කරන අවස්ථාවේ මෙම විත්තිකරුවන් දෙදෙනා වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ව සීටි බැවින් ඔවුන්ට එලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල ඔප්පු කර ඇති බවයි.

ඒ අනුව විත්තිකරුවන් චෝදනා තුනකට වරදකරුවන් කරන බව විනිසුරුවරයා සඳහන් කර තිබේ.

මෙලෙස මරණ දඬුවම නියම වූ එක් විත්තිකරුවකු සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ විත්තිකරුවකු පිය පුතුන් බවද සඳහන්වේ.

එමෙන්ම මෙම නඩුවේ චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් දෙදෙනෙකු නඩු විභාගය අතරතුරදි මියගොස් තිබේ.

2012 වසරේ සැප්තැම්බර් මස 26 වනදා මට්ටක්කුලිය තොටුපොළ පාරේ කෝවිලක් අසල දෙපිරිසක් අතර වූ ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් 21ක් හැවිරිදි අවිවාහක තරුණයෙකුව විකට් පොලුවලින් සහ පොලුවලින් පහරදී මරා දැමීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩුව ගොනුකර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT