Home » මිතුරන් එක්ක විනෝද ගමන් ගිය කේඩීයූ විශ්වවිද්‍යාල සිසුවා

මිතුරන් එක්ක විනෝද ගමන් ගිය කේඩීයූ විශ්වවිද්‍යාල සිසුවා

-ගාල්ල කොටුවේ කොටු තාප්පෙන් වැටී මරුට

by sachintha
April 28, 2025 1:00 am 0 comment

සිය මිතුරන් සමඟ විනෝදවීම සඳහා ගාල්ල, කොටුව ප්‍රදේශයට පැමිණි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ගාල්ල කොටුවේ කොටු තාප්පයෙන් බිමට ඇද වැටී තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ගාල්ල පොලීසිය පවසයි. මෙම සිසුවා ඊයේ (26) කොටු තාප්පයෙන් බිමට වැටී ඇති අතර, පසුව එහි සිටි පිරිස් ගාල්ල කොටුවේ ජංගම සංචාරය සඳහා යොදවා තිබූ පොලිස් මෝටර් රථයෙන් කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතරුව මෙසේ මිය ගොස් ඇතැයි වාර්තා වෙයි. මෙලෙස අවාසනාවන්ත ලෙසින් මියගොස් ඇත්තේ ගාල්ල, හපුගල පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. මෙම සිද්ධිය පිළිබඳ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් ඥාණතිලක මහතා විසින් ඊයේ (27) දහවල් සිදු කළේය.

මෘත ශරිරය ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර ඥාතීන් වෙත භාර දීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කටයුතු ගාල්ල පොලීසිය විසින් සිදු කරනු ලබයි.

ගාල්ල දිසා සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT