බෙදාහැරීමට කොටිකාවත්තේ පිහිටි නිෙවසක සඟවා තිබුණු රුපියල් කෝටි 30ක් පමණ වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 16කට අධික ප්‍රමාණයක් සමඟ මත්කුඩු ජාවාරම්කරුවෙක් පෙරේදා (26) අත්අඩංගුවට ගැනීමට මාලබේ පොලීසිය සමත්ව ඇත.
කොටිකාවත්ත නාගහවෙල පිහිටි නිෙවසක සඟවා තිබී සොයාගත් මේ මත්කුඩු තොගය අතර හෙරොයින් කිලෝ 13යි ග්‍රෑම් 372ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 580ක් තිබුණු බව පොලීසිය සඳහන් කළේය.
මේ මත්කුඩු තොගය සමඟ කඩුවෙල කොරතොට පදිංචි 27 හැවිරිදි මත්කුඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ මත්කුඩු තොගය සොයා ගැනීමට හැකියාව පොලීසියට ලැබී ඇත්තේ එම සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
සැකකරු සමඟ මත්කුඩු තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීමට පියවර ගත් බව නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතා සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ