Home » මියන්මාරය සහ තායිලන්තයේ භූමිකම්පාවෙන් විපතට පත්වූවන් සැමරුමට කැනඩාවේ ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයාත්

මියන්මාරය සහ තායිලන්තයේ භූමිකම්පාවෙන් විපතට පත්වූවන් සැමරුමට කැනඩාවේ ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයාත්

by sachintha
April 28, 2025 1:28 am 0 comment

කැනඩාවේ ටොරොන්ටෝහි වෙස්ට් එන්ඩ් බෞද්ධ විහාරයේ පැවැති මේ සැමරුම් අවස්ථාවට ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් තුෂාර රුද්‍රිගු මහතා එක්ව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. චීනය, වියට්නාමය, තායිලන්තය, මියන්මාරය, ජපානය, කාම්බෝජය, ලාඕසය යන රටවල බෞද්ධ විහාරස්ථානවලින් පැමිණි බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ඔන්ටාරියෝ හි නගර සභා කිහිපයක විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී තිබේ.

මියන්මාරයේ සහ තායිලන්තයේ භූමිකම්පාවෙන් විපතට පත්වූවන් සිහිපත් කරමින් වෙස්ට් එන්ඩ් බෞද්ධ විහාරාධිපති ධම්මාවාස නායක හිමියන් විසින් විශේෂ ආගමික උත්සවයක් එහිදී පවත්වා තිබෙන අතර රටේ අනෙකුත් ආගම් පිළිගැනීම හා සමානව කැනඩාවේ ජාත්‍යන්තර බෞද්ධ දිනයක් පිළිගැනීමේ වැදගත්කම කොන්සල් ජනරාල්වරයා විසින් පෙන්වා දී ඇත.

එසේම, ලොව පුරා ජනතාව අතර මනුෂ්‍යත්වය, සාමය, ආදරය සහ අනුකම්පාව ප්‍රවර්ධනය කිරීම සඳහා බුදුදහමේ දායකත්වය මෙන්ම අපගේ සමාජවල ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ප්‍රවර්ධනය කිරීමට එහි ආභාෂය පිළිබඳ ද ඒ මහතා සඳහන් කර තිබේ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT