Home » පනස් වසරකට වැඩි කාලයක් අපා දුක් විඳින උඩුදෙණිය-පිටකන්ද ගම්වැසියෝ

පනස් වසරකට වැඩි කාලයක් අපා දුක් විඳින උඩුදෙණිය-පිටකන්ද ගම්වැසියෝ

by sachintha
April 28, 2025 1:04 am 0 comment

පනස් වසරකට වැඩි කාලයක් තිස්සේ පාලකයින්ට අමතකවූ මාතලේ, නාඋල, උඩුදෙණිය, පිටකන්ද ගම්මානයේ පවුල් සියයකට ආසන්න පිරිසක් මූලික පහසුකම්වත් නොමැතිව ජීවත් වෙයි.

වසර ගණනක් තිස්සේ නිසි ප්‍රවාහන පහසුකම් හෝ බීමට පිරිසුදු ජල බිඳක් හෝ නොමැති පිටකන්ද ගම්මානයට යෑම පවා අති දුෂ්කර ගමනකි.

උදේ සහ සවස පාසල් දරුවන් රැගෙන කිලෝමීටර් දෙකකට ආසන්න දුරක් අතිශය දළ බෑවුම් සහිත කඳු තරණය කරමින් මේ ගම්මානයේ කාන්තාවන් ප්‍රධාන මාර්ගයට පැමිණෙන්නේය.

වැසි සමයේ දී කඳුවලින් කඩා හැලෙන ජල පහරවල් ගම්මානය පසුකර ගලා බැස්ස ද බීමට පිරිසුදු ජලය මේ ගම්මානයට නොමැති බව ගම්වාසීහු පවසා සිටිති.

තමන්ට හිමි කුඩා භුමිභාගවල ළිං හාරා හෝ කඳුවල පිහිටි ජල උල්පත්වලින් බට යොදා ජලය ලබාගන්නා පිටකන්ද ගම්වාසීන්, ජලය වෙනුවෙන් මෙන්ම ප්‍රවාහන පහසුකම් නොමැතිකමින් අතිශය පීඩා විදිති.

ද්‍රවිඩ මෙන්ම සිංහල පවුල් රැසක් එකට ජීවත් වන මෙම ගම්මානයට පිවිසෙන මාර්ගයේ කොටසක් පසුගිය රජයන් මඟින් සංවර්ධනය කර ඇතත් ඉතිරි කොටස පාගමනින් පවා ගමන් කළ නොහැකි තත්ත්වයට අබලන් වී තිබේ.

ගම්වැසියන් ඉල්ලා සිටින්නේ වත්මන් ආණ්ඩුවේ හෝ අවධානය යොමු වී පිටකන්ද ගම්මානයට පානීය ජලය සහ ගමන් පහසුකම් ලබාදෙන ලෙසයි.

නාඋල සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT