නියුමන් පීරිස් පූජා ප්රසාදයන් වහන්සේ ඇතුළු එම පිරිස සැදැහැවතුන්ට වියළි ආහාර සමඟ ජල බෝතල් ලබාදුන් අයුරු.
සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණ සිටින සැදැහැවතුන් වෙනුවෙන් ආහාර පාන හා ජල බෝතල්වලින් සංග්‍රහ කිරීමට මහනුවර කරිටාස් සෙටික් ආයතනයේ අධ්‍යක්ෂක නියුමන් පීරිස් පියතුමා ඇතුළු පිරිසක් ඊයේ (27) කටයුතු කළේය.
මහනුවර පදවියේ අගරදගුරු තැන්පත් දෙව්ශ්‍රිත. වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනට මහනුවර ශාන්ත අන්තෝනි ආසන දෙව්මැඳුරේ මීසම් පාලක ගරු සුදත් රෝහණ පූජා ප්‍රසාදින් වහන්සේ ඇතුළු මහනුවර පදවිය භාර පූජා ප්‍රසාදීන් වහන්සේලා හා කන්‍යා සොයුරියන් ද සහභාගි වූහ.
අප සියලුම දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස එකම රටක ජීවත් වන බවත් ආගම් ලෙස වෙනස් වුවත් මනුෂ්‍යයින් ලෙස අප එකට බැඳී සිටින බවත් නියුමන් පීරිස් පියතුමා මෙහිදී පැවසුවේය. බෞද්ධ ජනතාව ජීවමාන බුදුන් ලෙස සලකා වැඳුම් පිදුම් කරන දළදා වහන්සේ වන්දනා කිරීම සඳහා දිගු පෝලිම් පවතින අවස්ථාවක කිතුනුවන් ලෙස ඔවුන්ට අපේ ආදරය සහ සහය නිරන්තරව ලබාදෙන බවද එම පියතුමා ප්‍රකාශ කළේය.
අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත් සමූහ – නිහාල් ජයවර්ධන