Home » පස් කන්දක් කඩා වැටී මව සහ දියණිය රෝහලේ

පස් කන්දක් කඩා වැටී මව සහ දියණිය රෝහලේ

by sachintha
April 28, 2025 1:27 am 0 comment

හාලිඇල උඩුවර 5 කණුව ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ (27) පස්වරුවේ විශාල පස්කන්දක් කඩා වැටීමෙන් ඊට යටවු මවක සහ සිගිති දියණියක තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව හාලිඇල පොලිසිය පවසයි.

හාලිඇල උඩුවර ප්‍රදේශයට ඊයේ (27) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමග මෙසේ නිවසට ඉහළින් පිහිටි පස්කන්දක් නිවසට කඩා වැටී නිවසේ මුලුතැන්ගේ සම්පූර්ණයෙන් විනාශ වී ගිය අතර එම අවස්ථාවේ මුලුතැන්ගේ සිටි 8 හැවිරිදි සිගිති දියණිය පස්ගොඩට යටවී සිටියදි අවට පිරිස් විසින් බේරා ගෙන මව සමග දියණිය අවට අයකු විසින් මෝටර් රථයක දමාගෙන කඩිනමින් බදුල්ල ශික්ෂිණ රෝහලට ඇතුලත් කර ජීව්ත බේරා ගෙන තිබෙන බවද පොලිසිය කීය.

වර්ෂාවත් සමග නිවසට පස්කන්ද කඩා වැටෙන අවස්ථාවේ නිවසේ සිගිති දරුවකු සමග දැරියක නිවසේ ඉදිරි කාමරයේ සිට ඇති අතර ඔවුන් කිසිදු තුවාලයක් නොලබා බේරී ඇතයි පොලිසිය පැවසීය.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතා ඇතුළු නිලධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සී. ගමගේ සොරණාතොට සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT