185
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව වැඩිම ප්‍රතිශතයක් සරසවි වරම් හිමිකර ගෙන ඇත්තේ වයඹ පළාතෙන් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා පවසයි.
විශ්වවිද්‍යාල වරම් හිමි කරගත් සියයට 64.73 ක ප්‍රතිශතයෙන් ඉහළ අගයක් පෙන්නුම් කරන පළාත් පහක් වාර්තා වන බවත් හෙතෙම කීවේය.
වයඹ දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටි සිසුන් සියයට 66.36ක් මේ අනුව විභාගය සමත්ව සරසවි වරම් සඳහා සුදුසුකම් හිමි කරගෙන තිබේ. බස්නාහිර පළාතේ සමත් ප්‍රතිශතය සියයට 65.89 කි. සබරගමු පළාතේ සමත් ප්‍රතිශතය සියයට 65.87 කි. දකුණු පළාතේ 65.74 ක් වශයෙන් සමත්ව තිබෙන බව ද කොමසාරිස්වරයා පැවසුවේය.