Home » වතු ජනතාවගේ ඉඩම් අයිතිය ගැන සැබෑ වුවමනා ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසයට පමණයි – මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්

වතු ජනතාවගේ ඉඩම් අයිතිය ගැන සැබෑ වුවමනා ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසයට පමණයි – මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්

by sachintha
April 28, 2025 1:15 am 0 comment

වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීමේ සැබෑ වුවමනාව ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසයට පමණක් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොටගල ප්‍රාදේශීය සභාවට ලංකා කම්කරු කොංග්‍රසයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට කොටගල, ග්‍රේටන් වත්තේ පැවති රැස්වීමකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“එදත් මම වතුකර ජනතාව ගැන සොයා බැලූවා. මගේ සීයා සහ පියාගෙන් පසු එය වගකීමක් ලෙස සලකා කටයුතු කළා. වතුකර ජනතාව පෙන්වා වාසිගැනීමට මා කිසිදා කටයුතු කළේ නෑ. මෙරට පළමු වතාවට තනි පක්ෂයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ලබාගෙන ඇත්තේ ජාතික ජන බලවේගයයි. එම පක්ෂය වතු කම්කරුවන්ට ඉඩම් අයිතිය ලබාදීමට පියවර ගන්නේ නෑ. වතු කම්කරුවන් ශ්‍රී ලාංකික පුරවැසියන් නිසා අනෙකුත් ජනතාව මෙන්ම ඔවුන් ද අයිතිවාසිකම් දිනාගත යුතුයි.”

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT