Friday, May 16, 2025
Home » හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකාගේ නම අනවසරෙන් පාවිච්චි කරලා

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකාගේ නම අනවසරෙන් පාවිච්චි කරලා

by chanaka
April 28, 2025 11:47 am 0 comment

සිය නම සහ ඡායාරූප අනවසරයෙන් භාවිත කරමින් කෙරෙන මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දීම් සිදු කර ඇත.

විශේෂ ලිපියක් යොමු කරමින් මෙම අනවරස මැතිවරණ ප්‍රචාරණය නවතා දැමීමට පියවර ගන්නා ලෙස ඇය ඉල්ලීමක් කර තිබේ.

අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ‘පුටුව ලකුණින්‘ මැතිවරණයට ඉදිරිපත්වන ‘පොදුජන එක්සත් පෙරමු‍ණෙහි‘ යම් අපේක්ෂකයින් ප්‍රදේශය පුරා සිය ඡායාරූපය සහිතව අත්පත්‍රිකාවක් ගෙයින් ගෙට බෙදමින් සිටින බව සහ පෝස්ටර් අලවා ඇති බව ඇය සදහන් කරයි. මෙවැනි පත්‍රිකාවක් බෙදාහැරීමට හෝ පෝස්ටර් මුද්‍රණයට තමන්ගේ කිසිදු අවසරයක් ලබා දී නොමැති බව හිටපු ජනාධිපතිනිය සදහන් කර ඇත.

එසේම සිය නම හෝ ඡායාරූපය කිසිදු ‘ශ්‍රව්‍ය දෘශ්‍ය‘ ප්‍රචාරණ කටයුත්තකට භාවිත නොකරන ලෙසට තමන් ඉතා පැහැදිලිව පුටුව ලකුණින් අත්තනගල්ල සහ අනෙකුත් ප්‍රදේශවල තරග කරන අපේක්ෂකයින්ට සහ සංවිධායකයින්ට තරයේ දැනුම් දී ඇති බවද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යොමු කර ඇති ලිපියේ දැක්වේ.

හිටපු ජනාධිපතිනිය මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට යොමුකළ ලිපිය පහත දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT