Home » පරණ ටයර් ප්‍රවාහන ලොරියේ රෝදය ගැලවී ටයර් සී සීකඩ

පරණ ටයර් ප්‍රවාහන ලොරියේ රෝදය ගැලවී ටයර් සී සීකඩ

-ගැලවුණු රෝදය හැපී යතුරුපැදිකරුවකුටත් තුවාල

by sachintha
April 28, 2025 1:57 am 0 comment

භාවිතා කළ ටයර් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක පිටුපස ටයරටක් ගැලවී යෑමෙන් කොට්ටුකච්චිය ආසන්නයේදී පෙරළි ගොස් ටයර් තොගය අසල කුඹුරකට විසිවී තිබූ බව ආණමඩුව පොලීසිය පැවසීය.

එම ලොරි රථයෙන් ගැලවී ආ රෝදය මාර්ගයේ අනෙක් දිසාවෙන් ගමන් කළ යතුරුපැදියක ගැටි ඇති බවත්, ඉන් යතුරුපැදිකරුගේ පාදයක දරුණු අස්ථි බිඳීමක් සිදුව තිබූ බවත් අනාවරණය වී තිබේ. පෙරළී ගිය ලොරි රථය කුරුණෑගල දෙස සිට පුත්තලමට ගමන් කරමින් තිබියදී අනතුර සිදු වී ඇති අතර, ඉන් ආණමඩුව කොට්ටුකච්චිය ආසන්නයේ කුඹුරු යායකට ටයර් තොගය විසිවී ගොස් තිබූ බවද පොලීසිය කීය.

අනතුරින් ලොරියේ ගැලවී ගිය පිටුපස රෝදයට අමතරව අනෙක් රෝදය ද ඇඹරි තිබුණි. ටයරය ගැටී අනතුරට ලක්වූ තැනැත්තා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයකට භාජනය කළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

පුත්තලම – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT