රජයේ රෝහලක භාවිත කළ බවට සැක කෙරෙන ඖෂධ තොගයක් හැටන් ෆෘට්හීල් වතු යායේ බැහැර කර තිබියදී පෙරේදා (26) පස්වරුවේ සොයා ගත් බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පවසයි.
හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගය අබියස පිහිටි හැටන් ෆෘට්හීල් වත්තට පිවිසෙන මාර්ගයේ තේ වත්තේ ඖෂධ තොගයක් ඇති බවට වතු පාලන අධිකාරිය මඟින් පොලීසිය වෙත ලබාදුන් තොරතුරක් මත හැටන් අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් ලවා විමර්ශනයක් සිදු කර එම ඖෂධ තොගය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සඳහා පොලිස් භාරයට ගත් බව, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පවසා සිටියේය.
පොලිස් භාරයට ගැනුණු ඖෂධ තොගය කල්ඉකුත් වූ ඖෂධ තොගයක් බවත්, එම ඖෂධ තොගය මලු දෙකක දමා තේ වත්තට බැහැර කර තිබූ බවත්, එම ඖෂධ තොගය තුළ අලෙවි කිරීම තහනම් යැයි සඳහන් ලේබල් කිහිපයක් සහ නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ නම සඳහන් කොට මුද්‍රණය කරන ලද බෙහෙත් කවරයක් ද පැවසීය තිබී හමු වූ බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසීය.
රජයේ කල්ඉකුත් වූ ඖෂධ බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් තිබියදී එම ඖෂධ තොගය තේ වත්තකට බැහැර කිරීම සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙස නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට අධිකරණය හරහා නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කරන බව ද හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා තවදුරටත් පැවසීය.
හැටන් – රංජිත් රාජපක්ෂ හැටන් මධ්‍යම විශේෂ