ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සුදු වැලි ඇතිරීමේ පුණ්‍ය මහෝත්සවය අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පෙරේදා (26) පෙරවරුවේදී සිදුකෙරිණි.
ලංකා බැංකුව මඟින් හතළිස් දෙවන වරටත් මෙම පින්කම සිදු කෙරිණ.
ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා, අටමස්ථානාධිපති හිමියන් බැහැදැකීමෙන් අනතුරුව ඓතිහාසික ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශීර්වාද ලබාගනු ලැබීය.
අනතුරුව ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පැවති ආගමික වතාවත්වලින් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේවහන්සේ අබියස සුදු වැලි ඇතිරීම සිදුකෙරිණි.
මෙම ආගමික වැඩසටහන සඳහා අටමස්ථානයට අයත් වෙහෙර විහාරස්ථානවල නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටි අතර ගිහි බැතිමතුන් ලෙස අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, ප්‍රාදේශීය ලේකම්වරුන් වන සම්පත් ධර්මදාස, සුදර්ශන දිසානායක හා ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු ප්‍රියල් සිල්වා, ලංකා බැංකුවේ මහා කළමනාකරු රසල් ෆොන්සේකා යන මහතුන් ඇතුළු බැතිමත්හු විශාල පිරිසක් එක්ව සිටියහ.
අනුරාධපුර – අමිල ප්‍රභාත් වනසිංහ