Home » ඡන්ද නීති කැඩූ මෝටර් රථයක් අත්අඩංගුවට

ඡන්ද නීති කැඩූ මෝටර් රථයක් අත්අඩංගුවට

by sachintha
April 28, 2025 1:14 am 0 comment

මැතිවරණ නීතී උල්ලංඝනය කරමින් අපේක්ෂිකාව ප්‍රවර්ධනය කිරීමේ යෙදී සිටි මෝටර් රථයක් සහ එහි රියැදුරු ඉකුත් 24 වැනිදා පාලවිය, කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කරඹ මාර්ග බාධකයේ ආසන්නයේ දී නොරොච්චෝල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම වෑන් රථයේ සතර පැත්තේම නොච්චියාගම ප්‍රාදේශීය සභාවට තරගවදින සමගි ජන බලවේගයේ ඩී.ඒ.මාලනී නම් අපේක්ෂිකාවගේ පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබූ අතර, අදාළ ඡන්ද අපේක්ෂිකාව එම රිය තුළ නොවීය. මෝටර් රථයේ රියැදුරු නොච්චියාගම – පුත්තලම පාරේ පදිංචිකරුවෙකි.

නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති එස්. ධරම කුමාර මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කොට ඇති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

කල්පිටිය සමූහ – කුමාරි පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT