අෙමරිකාව විසින් මෙරටට පනවන ලද බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් හා බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුරකින් එහි සේවක සේවිකාවන් 1500ක පමණ පිරිසක් මියයාම සමරමින් පෙරේදා (26) රාත්‍රියේ ගිනි පන්දම් සැමරුමක් කටුනායක නිදහස් වෙළෙඳ කලාප භූමියේදී පවත්වනු ලැබීය.
ඒකල ස්ත්‍රී මධ්‍යස්ථානය සංවිධානය කර තිබූ මෙම උත්සවය සඳහා ඇඟලුම් සේවිකාවන් විශාල පිරිසක් හා සිවිල් ක්‍රියාකාරිනියෝ කණ්ඩායමක් එක්ව සිටියහ. මෙම උත්සවයට එක්වී සිටි පිරිස සටන් පාඨ කියමින් ප්‍රකාශ කර සිටියේ අෙමරිකාව විසින් මෙරටට ක්‍රියාත්මක කිරීමට යෝජිත බදු ප්‍රතිපත්තිය නිසා මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ බිඳවැටීමේ අවදානමක් නිර්මාණය වී ඇති බවයි.
ඒම හේතුවෙන් රැකියා අහිමි වී යා හැකි ඇඟලුම් සේවිකාවන් වෙනුවෙන් රජයේ මැදිහත්වීම අවශ්‍ය බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණි. එසේම ගිනි පන්දම් පත්තු කරමින් බංග්ලාදේශයේ ‘රණා ප්ලාසා‘ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මීට වසර 12 කට පෙර සිදුවූ අනතුරින් මියගිය සේවක සේවිකාවන් සමරන බව ද සමාජ ක්‍රියාකාරිනී පද්මිණී වීරසූරිය මහත්මිය සඳහන් කළාය.
ජාඇළ සමූහ – ප්‍රසංග පෙරේරා.