කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට පැමිණෙන මහජනයා දිනකට විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් රෝහල තුළට රැගෙන එන බවත් එම අපද්‍රව්‍ය රෝහල තුළ මුදා හැර දැමීමෙන් රෝහලේ අපද්‍රව්‍ය ගොඩගැසී බරපතළ තත්ත්වයක් මතුව ඇතැයි කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා පවසයි.
කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ දිනකට රෝගීන් 475 – 525 අතර සංඛ්‍යාවක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සමස්ත කාර්යමණ්ඩලය 1500ට ආසන්න පිරිසක් සේවය කරති.
නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීයකු බැලීමට දිනකට අවස්ථා තුනක් රෝහල් කාර්යමණ්ඩලය මඟින් ජනයාට ලබා දී ඇති අතර, එක් වරකට දෙදෙනා බැඟින් යා හැකිය. එක් රෝගියකු බැලීමට දිනකට 6 දෙනෙක් රෝහල තුළට යන එන බවත් ඔවුන් 6 දෙනා රැගෙන යන ආහාර ද්‍රව්‍යවල කඩදාසි, ප්ලාස්ටික් බෝතල්, කෙසෙල් කොළ, කෑම කොළ හා ඉටි උර රෝහල තුළම දමා ආපසු ඔවුන් පිටව යන බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.
කෑගල්ල මහ රෝහලේ දිනකට සමාන්‍යයෙන් කසළ කිලෝ 850ක් 900ක් අතර බැහැර කෙරේ. එම අපද්‍රව්‍යවලින් සායනික අපද්‍රව්‍ය කිලෝ 300ක් 400ක් සායනික අපද්‍රව්‍ය වන අතර ඉන් කොටසක් මීගමුව ප්‍රදේශයට රැගෙන ගොස් අධික තාපයෙන් දහනය කිරීමට සැලසුම් සකස් කර තිබේ. ඉවතලන පත්තර, කාඩ්බෝඩ්, පොල් කටු ආදිය අලෙවි කරන අතර ඉවතලන කෑම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොළකට රැගෙන යන්නේය.
දිනකට කෑගල්ල මහ රෝහලේ ඉවතලන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම හේතුවෙන් දිනකට තවදුරටත් කිලෝ 550ක් පමණ එකතු වන බව රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ද අවස්ථා කිහිපයක දී කතාබහට ලක්ව ඇති අතර, මෑතක සිට කෑගල්ල නගර සභාව මඟින් කසළ කිලෝ සුළු ප්‍රමාණයක් රැගෙන යාමට කටයුතු සිදු කර තිබේ.
දැනට කෑගල්ල මහ රෝහලේ කසල අංගණයේ ඉවතලන ලද කසළ බෑග් 500 කට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී ඇති අයුරු දක්නට ඇත. එම කසළ විනාශ කිරීමට හැකියාවක් නොමැති තත්ත්වයට කාර්යමණ්ඩලය පත්ව ඇති බවත් අධ්‍යක්ෂවරයා පැවසීය. අධික තාපයෙන් රසායනික අපද්‍රව්‍ය දහනය කිරීමට දහනාගාරයක් මෑතක දී ඉදිකිරීමට ආරම්භ කර තිබුණද එම දහනාගාරයේ ඉදිකිරීම් කටයුතු ද අතරමග නැවතී ද තිබෙන අයුරු දක්නට ලැබුණි.
කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා මෙසේ ද පැවසීය.
“ජනතාවගේ සහයෝගය අපට අවශ්‍ය වෙලා තියෙනවා. රෝගීයෙක් බැලීමට පැමිණෙන අවස්ථාවේ දී අපට ජනයාට කෑමද්‍රව්‍ය රැගෙන එන්න එපා කියන්න බැහැ. නමුත් රැගෙන එන කෑම, හිස් වතුර බෝතල්, කොළ, බෑග් වර්ග රෝහලේ කුණු කූඩවලට දමා යනවා. කූඩවලට නොදමා රැගෙන එන දෑ ආපසු රැගෙන යනවා නම් මේ තරම් උග්‍ර කසල ගැටලුවක් ඇති වෙන්නේ නෑ.”
“අපේ කාර්යමණ්ඩලය කාලයක සිට දැනුම්වත් කරලා තියෙනවා කෑම රැගෙන එන අවස්ථාවේ දී කෑම පෙට්ටියක් භාවිත කරන්න කියලා. බොහො පිරිසක් කෑම පෙට්ටියේ කෑම රැගෙන එනවා. ඉදිරියේදී සියලුම දෙනා ඒ ආකාරයට හුරුවෙයි කියලා අපි හිතනවා. ජනයා රෝහල තුළට රැගෙන එන කසළ කළමනාකරණය කරගන්න බැරිව ගොඩගැහිලා තියෙනවා. ඒවා පුලුස්සා දාන්න බැරි තත්ත්වයට පත්ව තිබෙනවා. ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් කර සිටිනවා අනවශ්‍ය දෑ රෝහල තුළට රැගෙන නොයන ලෙසත් රැගෙන එන යම් අපද්‍රව්‍යයක් තිබෙනවා නම් කරුණාකර රෝගියා බලා ආපසු රැගෙන යන ලෙසත්” යැයි කෑගල්ල මහ රෝහලේ වෛද්‍ය චතුර ටිකිරි රත්න මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියේය.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්