Home » ඇහැළියගොඩ දහම් පාසල් සිසුවා සුදු ඉර මත හප්පා පලාගිය ත්‍රිරෝද රථය අත්අඩංගුවට

ඇහැළියගොඩ දහම් පාසල් සිසුවා සුදු ඉර මත හප්පා පලාගිය ත්‍රිරෝද රථය අත්අඩංගුවට

by sachintha
April 28, 2025 1:02 am 0 comment

ඇහැළියගොඩ නගර මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී මදරසිංහාරාම විහාරස්ථානයේ, ශ්‍රී ධර්මපාල දහම් පාසලෙහි ශිෂ්‍යයකු දහම් පාසලට උදෑසන පැමිණීමට සුදු ඉර මතින් පාර මාරුවෙන අවස්ථාවේදී ත්‍රිරෝද රථයක් සිසුවා අනතුරට ලක්කර පලා ගොස් ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ දහම් පාසලේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. විහාරස්ථානය ඉදිරිපිටම ඇති පදික මාරුවේදී මෙම අනතුර සිදුව ඇත. අනතුරට ලක් කරන ලද ත්‍රිරෝද රථය සහ රියැදුරා සී.සී.ටී.වී. දර්ශනවල ආධාරයෙන් ඇහැළියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. දරුවාගේ පාදයට සිදුව ඇති තුවාල හේතුවෙන් ඇහැළියගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති ඇතර සිද්ධිය සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

ඇහැළියගොඩ සමූහ

ඇම්.ඒ.සී. රංජන් මඩගම්මන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT