දළදා වඳින්න පැමිණි වයෝවෘද්ධ කාන්තාවකගේ ඖෂධ, රන් භාණ්ඩ සහිත මුදල් පසුම්බිය අස්ථානගතවී ඇති බවට ඇය විසින් කළ දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ ‘අදිටන’ නමැති හාරිස්පත්තුව විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සංසදයේ ආබාධිත විශ්‍රාමික රණවිරුවෙක් හා ඔහු සමඟ සිටි කණ්ඩායම එක්ව එසේ අස්ථානගතවූ මුදල් පසුම්බිය සොයා එම කාන්තාවට භාරදුන් පුවතක් දිනමිණට වාර්තා වෙයි.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව දළදා මාලිගාව අවට සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතුවලට සහායවීමට ඉදිරිපත්ව සිටින ‘අදිටන’ විශ්‍රාමික සමූහයේ අධීක්ෂණ නිලධාරියකු ලෙස කටයුතු කරමින් සිටි බලලත් නිලධාරි මහේෂ් ඒකනායක ඇතුළු පිරිසට තම මුදල් පසුම්බිය අස්ථානගතවී ඇති බවට ඇඹිලිපිටියේ සිට පැමිණ ඇති මෙම කාන්තාව දැනුම් දී තිබුණේ පසුගිය 25 වැනිදා පෙරවරුවේදීය. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ රණවිරුවන් පිරිස පැය තුනක් පමණ කාලයක් තුළ රන් භාණ්ඩ සහිත එම මුදල් පසුම්බිය සොයාගෙන එය නිවැරදිව ඇය වෙත භාරදීමට පියවර ගෙන තිබුණි.
මෙම කණ්ඩායම විසින් සිදු කළ සද් ක්‍රියාව සම්බන්ධව බලලත් නිලධාරි මහේෂ් ඒකනායක ඇතුළු කණ්ඩායමටත් සමස්ත ශ්‍රී ලංකා යුද හමුදාවටත් එම මුදල් පසුම්බියේ හිමිකාරිය වන වයෝවෘද්ධ කාන්තාව සිය ස්තුතිය පුද කළාය.
කටුගස්තොට සමූහ – එස්.ජී.විජේරත්න