පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුවරුන් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පස්සර ප්‍රාදේශීය ලේකම් ගංගානි සෝමවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ඉකුත් 22 වැනිදා දින පැවැත්විණි.
දරුවන්ගේ ආරක්ෂාව, කායික හා මානසික සංවර්ධනය, පුද්ගල සමාජානුයෝජන, අනාගතයට වැඩදායී පුද්ගලයන් බිහි කිරීමේදී මුල් ළමාවිය සංවර්ධනයේ ඇති වැදගත්කම, ප්‍රචණ්ඩත්වයෙන් තොර ළමා පරපුරක් සහ දරුවන්ගේ නිපුණතා සංවර්ධනය කරන ආකාරය පිළිබඳව මෙහිදී පැහැදිලි කිරීම් කරන ලදි.
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි, නිපුණතා සංවර්ධන නිලධාරි හා පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දන්ත චිකිත්සක නිලධාරිනිය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදුන් අතර මෙම අවස්ථාවට පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන භාර ගුරුවරු පිරිසක් සහභාගි වූහ.
බදුල්ල සමූහ නිශාන්ත අබේගුණවර්ධන