Home » බඩල්කුඹුර වතු නිවාස වැසියන්ගේ ගැටලු කඩිනමින් විසඳීමට පියවර

බඩල්කුඹුර වතු නිවාස වැසියන්ගේ ගැටලු කඩිනමින් විසඳීමට පියවර

by sachintha
April 28, 2025 1:06 am 0 comment

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමේවෙල වතු නිවාස ආශ්‍රිත ජනතාව මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා බුත්තල සම්බන්ධීකරණ කමිටුවේ සභාපති රුවන් විජේවීර මහතා ඇතුළු පිරිසක් ඉකුත්දා එම ප්‍රදේශයට ගියහ.

එහිදී එම ජනතාව කලක සිට මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා වෙත පවසා සිටි අතර එක් කුඩා නි‍ෙවසක පවුල් 3-4 ක සාමාජිකයින් 10 -15 ත් අතර පිරිසක් ජීවත් වීම, ඔවුන්ගේ සනීපාරක්ෂක කටයුතු, දරුවන්ගේ අධ්‍යපන කටයුතු මෙන්ම පෝෂණයත්, රැකියා අවස්ථා නෙමැතිවීම සමාජ හා ආර්ථික ගැටලුවලින් පීඩාවට පත්ව සිටීම ඇතුළු එදිනෙදා මුහුණදී සිටින ගැටලු රැසක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එහිදී වතු ජනතාව කරුණු ඉදිරිපත් කරන ලදි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ පවසා සිටියේය.

“ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඇතුළේ වතුකරයේ සියලු ජනතාවගෙ පොදු අවශ්‍යතාවන් සපුරාලීමේ විශේෂ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා. එහිදී ඔවුන් සඳහා වතු යටිතල පහසුකම්, නිවාස පහසුකම් සකස් කිරීම ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේවනවිටත් ඉන්දියානු ආධාර යටතේ නිවාස ව්‍යපෘතියක් සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපදන වෙන්කරලා තියෙනවා.

කඩිනමින් අප එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා යැයි පවසා සිටියේය.

වැල්ලවාය විශේෂ ජී.අයි.ආර්. ගරුසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT