Friday, May 2, 2025
Home » ගලගෙදර පාසල් මාවත දිනෙන් දින සෝදාපාළුවට

ගලගෙදර පාසල් මාවත දිනෙන් දින සෝදාපාළුවට

by sachintha
April 28, 2025 1:07 am 0 comment

සීතාවක ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ, ගලගෙදර පාසල් මාවත ආරම්භයේ මාර්ගය දිනෙන් දින සෝදාපාළුවට ලක් වෙමින් පැවතියත්, කිසිදු වගකිවයුතු අංශයකින් මෙලෙස සෝදාපාළුවට ලක්වන මාර්ගයට තාවකාලික නඩත්තුවක් හෝ සිදු නොකරන බව ප්‍රදේශවාසීහු මැසිවිලි නඟති.

හයිලෙවල් මාර්ගයෙන් ආරම්භ වන මෙම මාර්ගයේ එක් පැත්තකට වැසි ජලය බැස යන කානුවක් ඇතත්, අනෙක් පැත්තේ කිසිදු කානුවක් නොමැති වීම නිසා, කානුවකින් ගලා යා යුතු වැසි ජලය, මාර්ගය මැදින් ගලා යෑම නිසා මාර්ගයේ අතුරා තිබූ ගල් ගැලවී මෙලෙස වළවල් සෑදී ඇත. ගලගෙදර කනිෂ්ඨ විද්‍යාලයට යන දරුවන් සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

වසරක පමණ කාලයක සිට මාර්ගය මෙලෙස සෝදාපාළුවට ලක්වීම ආරම්භ වීමත් සමඟම, ඉතා සුළු මුදලක් වැය කර නඩත්තු කළ හැකිව තිබූ මාර්ගය, මේ වනවිට විශාල මුදලක් වැය කර නඩත්තු කිරීමට සිදුවී ඇතැයි ඔවුහු පවසති.

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟම දිනෙන් දින සෝදාපාළුවට ලක්වන මෙම මාර්ගය ස්ථීර වශයෙන් සකස් කරන තෙක්, තාවකාලිකව හෝ සකස් කර දෙන මෙන් ඔවුහු වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.

පාදුක්ක සමූහ

රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT