Home » ආසියානු සංගමයෙන් තහනම් කළ ජපාන රග්බි සභාපති ලෝක සම්මේලනයෙන් නිදොස් කරයි

ආසියානු සංගමයෙන් තහනම් කළ ජපාන රග්බි සභාපති ලෝක සම්මේලනයෙන් නිදොස් කරයි

by sachintha
April 28, 2025 1:52 am 0 comment

ආසියානු රග්බි සංගමයේ චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් විධායක කමිටුවෙන් ඉවත් කළ ජපාන රග්බි සභාපති කෙන්සුකි ඉවබුචි යළි එම තනතුරට පත් කරන මෙන් ලෝක රග්බි සම්මේලනය ආසියානු සංගමයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ඔහුට එල්ල කළ චෝදනා පදනම් විරහිත බව සිය විනය නිලධාරියාගේ සමාලෝචන වාර්තාවේ සඳහන් වන බව නිවේදනයක් නිකුත් කරමින් ලෝක රග්බි සම්මේලනය ප්‍රකාශ කරයි.

ජපාන රග්බි සභාපතිවරයාට එරෙහි පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු එම සංගමයේ විධායක කමිටුවෙන් සහ සියලු ආකාරයේ රග්බි ක්‍රියාකාරකම්වලින් ඔහු තාවකාලිකව ඉවත් කිරීමට පසුගිය පෙබරවාරියේදී ආසියානු සංගමය පියවර ගත් අතර, මේ පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට ලෝක රග්බි සම්මේලනය පියවර ගෙන ඇත්තේ ජපාන රග්බි සංගමය විසින් සිදු කරනු ලැබු පැමිණිල්ලකට අනුවය.

ආසියානු රග්බි සංගමයේ විනිවිදභාවය හා සාධාරණත්වය සම්බන්ධව සිදු කළ ප්‍රශ්න කිරීම් හේතුවෙන් ජපාන රග්බි සභාපතිවරයා විධායක කමිටුවෙන් ඉවත් කළ බව තහවුරු වී ඇතැයි ද ඔහුගේ ක්‍රියා කලාපයෙන් ආසියානු රග්බි සංගමයේ ව්‍යස්ථාව හෝ චර්යාධර්ම උල්ලංඝනය වීමක් කිසිදු ආකාරයකින් සිදුවී නැතැයි ද සියලු සාක්ෂි සලකා බැලීමෙන් පසු නිකුත් කළ විනය නිලධාරියාගේ සමාලෝචන වාර්තාවේ සඳහන් වන බව ලෝක රග්බි සම්මේලනය කියයි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT