Home » කමිඳුගෙන් තුන් ඉරියව් දස්කම්

කමිඳුගෙන් තුන් ඉරියව් දස්කම්

by sachintha
April 28, 2025 1:52 am 0 comment

අයිපීඑල් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් පිල සමඟ පැවති 43 වැනි තරගයේදී තුන් ඉරියව් දස්කම් දැක්වීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සමත් විය.

චෙන්නායිහිදී පැවති මේ තරගයෙන් හයිද්‍රාබාද් පිලට කඩුලු 5ක ජයක් හිමි වූ අතර, තරගයේ පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිල ලකුණු 154කට දවාගත් හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ ජය හිමිකර ගත්තේ ඕවර 18.4කදී කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමිනි.

මේ තරගයේදී රවින්ද්‍ර ජඩේජාගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූ කමිඳු ඩේවල්ඩ් බ්‍රේස්වෙල් දවා ගැනීමට රැකගත් සුපිරි උඩ පන්දුව කාගේත් අවධානයට ලක්විය. පන්දුවට පහර දීමේදී නොදැවී ලකුණු 32ක් රැස් කිරීමට ඔහු සමත් වූයේ පන්දු 22කදී හතරේ පහර 3ක් සමඟිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT