Home » එන්එස්එල් සිවුදින අවසන් සටනේදී චන්දිමාල්-ඕෂදගෙන් අර්ධ ශතක

එන්එස්එල් සිවුදින අවසන් සටනේදී චන්දිමාල්-ඕෂදගෙන් අර්ධ ශතක

by sachintha
April 28, 2025 1:30 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) සිවුදින ක්‍රිකට් තරගාවලියේ ඊයේ ආරම්භවූ අවසන් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ගාල්ල කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 210ක් රැස් කර තිබිණි.

පළමු දිනයට තරගය නතර කරන විට දුනිත් වෙල්ලාලගේ ලකුණු 27ක් සහ නායක රමේෂ් මෙන්ඩිස් ලකුණු 3ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

එස්එස්සී පිටියේදී කාසියේ වාසිය දිනාගත් දඹුලු පිලේ ආරාධනයෙන් පිටියට පිවිසි ගාලු ඉනිමේ පළමු කඩුල්ල ලෙස තුලිණ ඩිල්ෂාන් (7) දැවී යෑමෙන් පසු ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු සමඟ එක්වූ දිනේෂ් චන්දිමාල් ඉනිම ලකුණු 114ක සබඳතාවක් ගොඩනැඟූ අතර, ආබාධයකට ලක්වීම හේතුවෙන් ඕෂද පිටියෙන් ඉවත් වූයේ පන්දු 118කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 52ක් රැස් කර තිබියදීය. ඔහුගේ පළමු පෙළ 51 වැනි අර්ධ ශතකය මෙයයි.

දිනේෂ් චන්දිමාල් ඊයේ 61 වැනි පළමු පෙළ අර්ධ ශතකය වාර්තා කළ අතර, ඔහු දැවී යන විට ලකුණු 80ක් රැස් කර තිබිණි. අවිශ්ක පෙරේරා ලකුණු 26ක් ඉනිමට එක් කළ අතර, නිපුන් ධනංජය ලකුණු 4කට දැවී ගියේය. පන්දු යැවීමේදී අකිල ධනංජය සහ මොහොමඩ් ශිරාස් කඩුලු 2 බැගින් දවා ගත්හ.

අද තරගයේ දෙවැනි දිනයයි.

ගාල්ල පළමු ඉනිම – 210/5 (ඕවර 56) දිනේෂ් චන්දිමාල් 80, ඕෂද ප්‍රනාන්දු 52, දුනිත් වෙල්ලාලගේ නොදැවී 27, අවිශ්ක පෙරේරා 26 (අකිල ධනංජය 53/2, මොහොමඩ් ශිරාස් 63/2)

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT