Home » ‘ඒ’ තුන්කොන් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට

‘ඒ’ තුන්කොන් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට

by sachintha
April 28, 2025 1:30 am 0 comment

 

ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් ආයතනයේ සත්කාරකත්වයෙන් අබුඩාබිහිදී පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.

තරගාවලියේ අවසන් තරගයේදී අයර්ලන්ත ‘ඒ’ පිල කඩුලු 5කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත ‘ඒ’ පිල ලකුණු 200කට සීමා කළ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ ඕවර 43.3කදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 5ක් පමණක් අහිමිකර ගනිමිනි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 43ක් තුළ බිඳ දැමීමට අයර්ලන්ත පන්දු යවන්නන් සමත් වුවද 6 වැනි කඩුල්ලට එක් වූ පවන් රත්නායක සහ මිලාන් රත්නායක නොදැවී ලකුණු 77 බැගින් රැස් කරමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළහ. රත්නායක යුගල 6 වැනි කඩුල්ලට ලකුණු 160ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැඟූ අතර, පවන් පන්දු 76කට ද මිලාන් පන්දු 83කට මුහුණ දුන් අතර, දෙදෙනාම හතරේ පහර 9 බැගින් සහ හයේ පහර 2 බැගින් එල්ල කිරීම කැපී පෙනිණි.

මෝගන් ටොපිං ලකුණු 73ක් රැස් කරමින් අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, තෝමස් මේයස් ලකුණු 31ක් හා කේඩ් කාමිකෙල් ලකුණු 21ක් රැස් කළහ. සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබුණු අතර, පන්දු යැවීමේදී තරිඳු රත්නායක කඩුලු 4ක්, මිලාන් රත්නායක කඩුලු 3ක් සහ දුෂාන් හේමන්ත කඩුලු 2ක් දවා ගත්හ. මිලාන් අවසන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

අයර්ලන්ත ‘ඒ’ – 200 (ඕවර 47.3) මෝගන් ටොපිං 73, තෝමස් මේයස් 36, කේඩ් කාමිකේල් 21 (තරිඳු රත්නායක 33/4, මිලාන් රත්නායක 24/3 දුෂාන් හේමන්ත 51/2)

ශ්‍රී ලංකා ‘ඒ’ 203/5 (ඕවර 34.3) පවන් රත්නායක නොදැවී 77, මිලාන් රත්නායක නොදැවී 77 (තෝමස් මේයස් 38/3, ලියම් මැකර්ති 50/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT