Home » දෙයියන්දර ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ අතිඋත්කර්ෂවත්ව

දෙයියන්දර ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ අතිඋත්කර්ෂවත්ව

by sachintha
April 28, 2025 1:06 am 0 comment

ආරාධිත පිරිස කැඳවාගෙන එමින්

ලංකාදීප හිටපු ප්‍රධාන කර්තෘ, විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සිරි රණසිංහ, දිනමිණ ප්‍රධාන කර්තෘ ප්‍රදීප් දසනායක, විදුහල්පති එච්.බී.චම්ලි, ක්‍රීඩා අධ්‍යක්ෂ ජගත් මීගහවත්ත මහත්වරු ශුරතාව දිනූ වීර නිවාසයේ ක්‍රීඩා නායිකාවට කුසලානය ලබාදෙමින්

ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආනන්ද මද්දුමගේ මහතා යසෝධා හේෂානි ක්‍රීඩිකාවට සහතිකපත ලබාදෙමින්

මාතර,දෙයියන්දර ජාතික පාසලේ 2025 නිවාසාන්තර ක්‍රීඩා උලෙළ දිනමිණ ප්‍රධාන කර්තෘ ප්‍රදීප් දසනායක, ලංකාදීප හිටපු ප්‍රධාන කර්තෘ, විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සිරි රණසිංහ මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (25) විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ශුර, වීර, ධීර හා ශක්ති යන නිවාසයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග ඉසව් රැසකට ඉදිරිපත් වූ අතර, තියුණු තරගයකින් පසුව වීර නිවාසය ශූරතාව දිනා ගත්තේය. අනුශූරතාව ශූර නිවාසයට හිමි වූ අතර, ශක්ති නිවාසය තෙවැනි ස්ථානයත්, ධීර නිවාසය සිවුවැනි ස්ථානයටත් පත් විය. විදුහල්පති එච්.බී.චම්ලි ප්‍රියංකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන ඩබ්ලිව්.ඒ.ජේ. විතාරණ, ඩබ්ලිව්.එන්. කීර්ති, ජී.එම්.සී.ජයංග, ච්.එම්.එච්.කේ. රත්නප්‍රිය, සී.ජයවර්ධන, ක්‍රීඩා උපදේශක එස්.එම්.ද අල්විස් මහත්වරුන් ඇතුළු ක්‍රීඩා ගුරුවරුන් හා විද්‍යාලයීය ගුරු මණ්ඩලය එම උලෙළ සංවිධානය කර තිබුණි.

ඒ සඳහා ආදි ශිෂ්‍යයන්, ව්‍යාපාරික ප්‍රජාව, පාසල් සංවර්ධන සමිතිය, දෙයියන්දර පොලීසිය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් සහයෝගය දක්වා තිබුණි. විද්‍යාලයීය සෞන්දර්ය අංශය ඉදිරිපත් කළ නර්තනාංග රැසකින් උලෙළ වර්ණවත් වූ අතර 6, 7, 8, 9 ශ්‍රේණිවල දැරියන්ගේ හා ශිෂ්‍යභට කණ්ඩායමේ සරඹ සංදර්ශනය බොහෝදෙනකුගේ පැසසුමට ලක්විය.

විදුහලේ ආදි ශිෂ්‍යයන් වූ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආනන්ද මද්දුමගේ,මුලටියන කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.පී. විමලසේන, ක්‍රීඩා අධ්‍යක්ෂ ජගත් මීගහවත්ත, වෛද්‍ය ආර්.එම්.චමින්ද කුමාර, හිටපු විදුහල්පති එස්.රූබසිංහ, කොළඹ නාලන්දා විදුහලේ ආදි ශිෂ්‍යයන් වන නිලාන් සිල්වා, මහී සිල්වා මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

තමරසිරි විජේසේකර දෙයියන්දර සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT