Home » කුලියට මිනී මරණ සංවිධානාත්මක කල්ලියක හතරක් කඩු මන්නා සමග අත්අඩංගුවට

කුලියට මිනී මරණ සංවිධානාත්මක කල්ලියක හතරක් කඩු මන්නා සමග අත්අඩංගුවට

by yasara
April 29, 2025 9:25 am 0 comment

මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නා වලින් පහරදී මනුෂ්‍ය ඝාතන, පහරදීම් සහ බිය වැද්දවීම් සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතට අපරාධ කොට්ඨාශය සමත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, පානදුර , පයාගල, බණ්ඩාරගම සහ ඌරගහ ප්‍රදේශයේ පදිංචි 30,32, 36 සහ 51 වියැති පුද්ගලයින් බව පොලිසිය කීය.

පසුගිය අප්‍රේල් මස 17 දින රාත්‍රී බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපරිකයෙකුට මන්නා වලින් පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්දයෙන් කල විමර්ශණ වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අඩි තුනකට වඩා දිග කඩුවක් මන්නා දෙකක්, අපරාධ සදහා යොදාගත් බව කියන ජංගම දුරකථන තුනක් සහ හෙරෝයින් මත්කුඩු පැකට් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්වූවන් අතර පසුගිය වසරේ පානදුර   ප්‍රධාන ඇගළුම් කර්මාන්ත ශාලාවක් තුලදී එලව එලවා මන්නා පහර එල්ලකර පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කල ප්‍රධාන සැකකරුවන්ද සිටින බව පොලිසිය කීය.

සැකකරුවන් ප්‍රදේශයේ පහරදීම් සහ බියවැද්දීම් සිදුකිරීම සම්බන්දයෙන් ජනතාව භීතියට පත්ව සිටින බවටද හෙලිව ඇති බව වැටලීමට සිදුකල උසස් නිළධාරියෙක් පැවැසීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT