Home » දේශබන්දුගේ චෝදනා විමර්ශනය කරන කමිටුව තෙවැනි වරටත් රැස්වෙයි

දේශබන්දුගේ චෝදනා විමර්ශනය කරන කමිටුව තෙවැනි වරටත් රැස්වෙයි

by chanaka
April 29, 2025 2:27 pm 0 comment

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතළ බරපතළ අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත් කළ කමිටුව තෙවැනි වරට ඊයේ (28) පාර්ලිමේන්තුවේදී රැස්ව ඇත.

එහිදී එම විමර්ශන කමිටුව සඳහා සහාය වීමට පිණිස පොලිස් විමර්ශන කණ්ඩායමක් නම් කර එවන ලෙස කමිටුව විසින් වැඩබලන පොලිස්පතිවරයාට කරන ලද ඉල්ලීම මත අදාළ විමර්ශන කණ්ඩායම වැඩබලන පොලිස්පතිවරයා විසින් නම් කර එවා තිබුණි.

ඒ අනුව නම් කර එවූ පොලිස් විමර්ශන කණ්ඩායමේද සහාය ඇතුව ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කිරීමට මෙහිදී රැස්වූ කමිටුව විසින් තීරණය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT