Home » සෞඛ්‍ය අමාත්‍යංශයේ බඳවා ගැනීම්වල විභාගේ ප්‍රථිපළ එන දවස ගැන ඉඟියක්

සෞඛ්‍ය අමාත්‍යංශයේ බඳවා ගැනීම්වල විභාගේ ප්‍රථිපළ එන දවස ගැන ඉඟියක්

by chanaka
April 29, 2025 3:49 pm 0 comment

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක තනතුරු සඳහා පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කරයි.

අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මැයි මාසය අවසන් වීමට පෙර පුහුණවට බඳවා ගන්නා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක දෙකේ උපාධිධාරීන් මාස 6 පුහුණුව සඳහා බඳවා ගන්නවා. මාස 6කට පස්සේ ඒ අයට ස්ථීර පත්වීම් දෙනවා රාජ්‍ය සේවයේ. දැනට තිබෙන වැටුප් සහ දීමනා වැඩිවීම් අනුව මේ පුහුණු පාඨමාලාවට බඳවා ගැනීමේදී සාමාන්‍යයෙන් රුපියල් 45,000ක දීමනාවකුත් රාජ්‍ය සේවයට බඳවා ගත්තාට පස්සේ රුපියල් 75,000ට වඩා වැඩි වැටුප් සහ දීමනා ලබා දෙන්නත් රජය කටයුතු කරනවා. මේ පුහුණව අවසන් වෙලා රාජ්‍ය සේවයට බඳවා ගන්න කළින් සමහරවිට අපිට ඊළඟ කණ්ඩායම සඳහාත් තරග විභාග පවත්වන්න හැකියාව ලැබේවී.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT