Home » විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව උදෙසා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයෙන් විශේෂ වැඩපිළිවෙලක්

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව උදෙසා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයෙන් විශේෂ වැඩපිළිවෙලක්

by chanaka
April 29, 2025 7:29 pm 0 comment

ඩිජිටල් වශයෙන් සියල්ලන් ආවරණය වන්නාවූ සහ බලගැන්වූ සමාජයක් ගොඩනැගීමේ ජාතික දැක්මට අනුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවාවන් වෙත ප්‍රවේශ වීමේදී විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව මුහුණ දෙන තීරණාත්මක අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එහි ප්‍රධාන පාර්ෂවකරුවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා සාකච්ඡාවක් පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයින් මිලියන 1.6 කට අධික සංඛ්‍යාවක් සිටින අතර ඔවුන්ගෙන් 57% ක් කාන්තාවන් වේ. ඒ අනුව විශේෂ අවශ්‍යතා සඳහා සංවේදී වන ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) ගොඩනැගීමේ අවශ්‍යතාවය අමාත්‍යාංශය හඳුනාගෙන ඇත.

වර්තමානයේ, විශේෂ අවශ්‍යතා සහිත පිරිසෙන් 29% ක් පමණක් රැකියාවල නියුතු වන අතර, 71% ක් පමණ කිසිදු වෘත්තීයක නිරත නොවේ, ඔවුන් බොහෝ විට දෛනික ජීවනෝපාය සඳහා අන් අය මත යැපේ. ඔවුන් අතරින්, මිලියන 0.99 ක් දෘශ්‍යාබාධිත අය වන අතර, ඔවුන්ට ප්‍රවේශ වීමට පහසුකම් සහිත ඩිජිටල් මෙවලම් නොමැති වීම හේතුවෙන් විශේෂ අභියෝගවලට මුහුණ දෙති. උදාහරණයක් ලෙස, දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට වැඩිදියුණු කළ ශ්‍රව්‍ය සහාය සහ ප්‍රවේශ විය හැකි සංචාලන මෙවලම් වැනි විසඳුම් අවශ්‍ය වන අතර, ඒවා ඩිජිටල් සේවා සැලසුමට එක් කළ යුතුය.

මෙම සාකච්ඡාව අතරතුර, විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව මුහුණ දෙන ප්‍රධාන අභියෝග කිහිපයක් ඉස්මතු කරන ලදී.

නිල වෙබ් අඩවි සැමට ප්‍රවේශ විය හැකිවිය යුතු බවට නිර්දේශ කරමින් පෙර රජයන් චක්‍රලේඛ‍යක් නිකුත්කර තිබුණ ද, බොහෝ රජයේ ඩිජිටල් මාධ්‍යන් වෙත විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ප්‍රවේශ වීම දුෂ්කරවී ඇත. මීට අමතරව, භෞතික හා සමාජ වෙනස්කම් වලට ඉඩ සලසන පොදු අවකාශයන්හි ජෛවමිතික පද්ධති ප්‍රමාණාත්මක නොවන අතර, එමඟින් බොහෝ දෙනෙකුට අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීම දුෂ්කර වී තිබේ.

තවද, මෙරට සියලුම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ආබාධිත ප්‍රජාව සඳහා වෙන් වූ විශේෂාංග වලින් සමන්විත වුවද, ඒ සඳහා අවශ්‍ය විශේෂ උපකරණ පහසුකම් සපයා නොමැත. මෙම අභියෝග තවදුරටත් වර්ධනය වන්නේ පොදු අවකාශයන්ගේ හඬ සහායක තාක්ෂණය ලබා ගැනීම තවමත් අවම මට්ටමක පැවතීම සහ එවැනි සහාය මත යැපෙන අයට තනිවම එම සේවාවන් වෙත ප්‍රවේශ වීමට දුෂ්කර වේ.

මෙම ගැටළුවල බරපතලකම තේරුම් ගනිමින්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව නඟා සිටුවීම අරමුණු කරගත් පියවරයන් කිහිපයක් ආරම්භ කර ඇත. ඒ අතරින් එක් ප්‍රධාන පියවරක් වන්නේ, යුනිකෝඩ් සහ යුනිවර්සල් ඩිසයින් මූලධර්ම භාවිතා කරමින් රජයේ අමාත්‍යාංශ සහ ආයතනික වෙබ් අඩවි ප්‍රමිතිකරණය කිරීම, සහ මාධ්‍යන් සෑම කෙනෙකුටම ප්‍රවේශ විය හැකිවන ආකාරයට නිර්මාණය කිරීමයි. මෙම පියවර මඟින් දෘශ්‍ය, ශ්‍රවණ සහ ශාරීරික ආබාධ සහිත පුද්ගලයින්ට පොදු තොරතුරු සහ සේවාවන් වෙත වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමට ඇති හැකියාව සහතික කරයි.

මීට සමගාමීව, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් ශ්‍රී ලංකාවේ වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයට එක්කර ගැනීමෙන් ඔවුන් සඳහා අර්ථවත් රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අමාත්‍යාංශය මැදිහත්වේ. මෙම සාකඡ්චාවේදී අවධානය යොමු වූ පරිදි හැකියාවන් ගොඩනැගීමට මුලපිරීම මඟින් සහ ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) උපයෝගී කර ගනිමින්, දැනට රැකියා විරහිතව සිටින පුද්ගලයින් හට ස්වාධීනත්වයක් සහ ගෞරවයක් ලැබෙන පරිදි රටේ ආර්ථිකයට ඵලදායී ලෙස දායක කරගැනීම සඳහා බලගැන්වීම අමාත්‍යාංශයේ අරමුණයි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය අඛණ්ඩව පරිවර්තනීය වර්ධනයකට ලක්වෙමින් තිබෙන මොහොතක , සංවර්ධිත ඩිජිටල් ජාතියක් යනු, රටේ සියලු පුරවැසියන් අතර ප්‍රගතිය සමානව බෙදාගන්නා, සියලු පුරවැසියන් ඩිජිටල් වශයෙන් එකසේ ආවරණය වන්නා වූ එකක් බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය තරයේ විශ්වාස කරයි. කිසිදු පුරවැසියෙකු මඟනොහැරෙන ඩිජිටල් ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා අමාත්‍යාංශය කැපවී සිටියි. මෙම සාකඡ්චාව මඟින් සියලු දෙනා ඇතුළත් වන්නා වූ පද්ධතියක් නිර්මාණය කිරීම ද්විතීයික සලකා බැලීමක් නොව, සියලු දෙනාට සැබවින්ම ප්‍රවේශ විය හැකි සහ සාධාරණ ඩිජිටල් අනාගතයක් ගොඩනැගීම සඳහා වන මූලික මූලධර්මයක් ලෙස තහවුරු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT