Home » රුසියාවෙන් යුක්රේනයට ඒකපාර්ශ්වික සටන් විරාමයක්

රුසියාවෙන් යුක්රේනයට ඒකපාර්ශ්වික සටන් විරාමයක්

by sachintha
April 29, 2025 1:00 am 0 comment

යුක්රේන යුද්ධය සඳහා ඒකපාර්ශ්වික තුන්දින සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ බව රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ජනාධිපති කාර්යාලයට අනුව ලබන මැයි මස 8 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට 10 මධ්‍යම රාත්‍රිය දක්වා එම සටන් විරාමය ක්‍රියාත්මක වන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එවකට සෝවියට් රුසියාව දෙවැනි ලෝක මහා යුද්ධයෙන් නාසි හමුදාවට එරෙහිව ජයග්‍රහණය අත්කර ගැනීමේ 80 වැනි සංවත්සරය සැමරීම සඳහා රුසියානු ජනාධිපතිවරයා එම සටන් විරාමය ප්‍රකාශයට පත් කර ඇති අතර, එම කාලසීමාවේදී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස යුක්රේනයෙන් ද ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT