Home » පාකිස්තාන රාජ්‍යතාන්ත්‍රිකයන්ට ඉන්දියාවෙන් පිටවීමට සතියක් කල් දෙයි

පාකිස්තාන රාජ්‍යතාන්ත්‍රිකයන්ට ඉන්දියාවෙන් පිටවීමට සතියක් කල් දෙයි

by sachintha
April 29, 2025 1:46 am 0 comment

ඉන්දීය රජය විසින් නවදිල්ලි නුවර පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරින්ට ඉන්දියාවෙන් පිටවීමට සතියක කාලයක් ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා ජම්මු කාශ්මීරයේ පැහැල්ගාම් ප්‍රදේශයේදී සංචාරකයන් 26 දෙනකු වෙඩි තබා ඝාතනය කරමින් ද, තවත් සංචාරකයන් පිරිසකට තුවාල සිදු කරමින් ද කාශ්මීරයේ ත්‍රස්ත සංවිධානයක් විසින් සිදු කරනු ලැබූ ප්‍රහාරය පාකිස්තානය දේශසීමා ත්‍රස්තවාදයට සහාය ලබාදීම හේතුවෙන් සිදුවූ බවට චෝදනා කරමින් ඉන්දීය රජය මේ පියවර ගෙන ඇති අතර, නවදිල්ලි නුවර පාකිස්තාන මහකොමසාරිස් සාඩ් අහමඩ් ඇතුළු සියලු දෙනාට රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද අහිමි කිරීමේ නිල ප්‍රකාශය වන Persona Non Grata භාර දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් සහ අභ්‍යන්තර කටයුතු ඇමැති අමිත් ෂා, ආරක්ෂක ඇමැති රජ්නාත් සිං සහ විදේශ කටයුතු ඇමැති එස්.ජයිෂංකර්ගේ සහභාගිත්වයෙන් ජාතික ආරක්ෂාව සඳහා වන කැබිනට් කමිටුව රැස්වූ බවත්, පාකිස්තාන නිලධාරින්ගේ රාජ්‍යතාන්ත්‍රිකභාවය අහෝසි කිරීම ඇතුළු තීරණ රැසක් එහිදී ගත් බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

නවදිල්ලි නුවර පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක, යුදහමුදා, ගුවන් සහ නාවික හමුදා උපදේශකවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රිකභාවය අහෝසි කර ඇතැයි ද, ඔවුන්ට රටින් පිටවීමට සතියක කාලයක් ලබාදී ඇතැයි ද ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඊට සමගාමීව පාකිස්තානයේ ෆයිසලාබාද් අගනුවර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරුන් ද ඉවත් කරගන්නා බව විදේශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT