Home » වැන්කුවර් නුවර වීදි උත්සවයකට මෝටර් රථයක් කඩාවැදී 11ක් මරුට

වැන්කුවර් නුවර වීදි උත්සවයකට මෝටර් රථයක් කඩාවැදී 11ක් මරුට

by sachintha
April 29, 2025 1:48 am 0 comment

බටහිර කැනඩාවේ වැන්කුවර් නගරයේ වීදි උත්සවයකට මෝටර් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලක්ෂයකට ආසන්න පිරිසක් එක්රැස් වූ ලපු ලපු නමින් හඳුන්වනු ලබන එම වාර්ෂික උත්සවයේදි අනතුර සිදු කළ පුද්ගලයා පලා යමින් සිටියදී උත්සවයට සහභාගි වූ පිරිසක් විසින් අල්ලා ගනු ලැබූ බවත්, පසුව ඔහු පොලිසියට භාර දී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මියගිය පුද්ගලයන් අවුරුදු 5 සිට 65 දක්වා වයස් කාණ්ඩයේ පසුවන අතර, තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා 30 හැවිරිදි වැන්කුවර් නගරවැසියකු වන අතර, ඔහු මානසික රෝග ඉතිහාසයකට හිමිකම් කියන බවත්, ඔහුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බවත් වැන්කුවර් පොලිසිය ප්‍රකාශ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT