Home » කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය චීනය හෙළා දකී

කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය චීනය හෙළා දකී

by sachintha
April 29, 2025 1:48 am 0 comment

ජම්මු කාශ්මීරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනය සියලු ආකාරයේ ත්‍රස්තවාදයට දැඩි ලෙස විරුද්ධ බව පසුගියදා මාධ්‍ය හමුවකට එක්වූ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගුයෝ ජයිකුන් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ පවුල්වලට සහ තුවාල ලැබූ පුද්ගලයන්ට චීනය කනගාටුව පළ කරන බවද ඔහු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ අතර කාශ්මීරයේ පැහැල්ගාම් ප්‍රදේශයේදී සංචාරකයන් ඉලක්ක කරමින් සිදුවූ එම ප්‍රහාරය සම්බන්ධව කඩිනම් හා සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, ඉන්දියාව සහ පාකිස්තානය සිය ස්වෛරීභාවය හා ආරක්ෂක අවශ්‍යතා රැක ගැනීමට පියවර ගත යුතුව ඇති බවත් චීන විදේශ අමාත්‍ය වැංග් යී ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු පසුගියදා පාකිස්තානයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ ඇමැති ඉෂාක් ඩාර් සමඟ දුරකතනය ඔස්සේ මේ පිළිබඳ සාකච්ඡාවක නිරත වූ බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT