ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව බව වාර්තාවේ.
මෙම ඉදිකිරීම සිදුකර ඇත්තේ, 2010 වසරට පෙරදී බව අනාවරණයවී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කර ඇති විමර්ශනවලින් අනාව රණය වී ඇත්තේ එම ඉදිකිරීම් හමුදාවේ කණ්ඩායමකගේ ශ්‍රම දායකත්වයෙන් සිදුකර ඇති බවයි.
ඉදිකිරීම්වලින් පසු එම ගොඩනැඟිල්ල බලාගෙන සිට ඇතැයි පැවසෙන්නේ නාවික හමුදාවේ සාමාජිකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙක් වන යෝෂිත රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිට ඇතැයි පැවසෙන නාවික හමුදා සාමාජිකයා බව පැවසේ.
ඒ සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රශ්නකර තිබුණි. එහිදී ඔහු පවසා තිබුණේ එම ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවයි.
යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා වූ මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළේය.
රජයේ රක්ෂිතයක ඉදිකර ඇති මෙම ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව සමයේ දී ද විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීමෙන් අනතුරුව එම විමර්ශනය ඇනහිට තිබේ. එම ගොඩනැඟිල්ලට ලබාගෙන ඇති විදුලියට බිල්පත් ලැබෙන්නේ ජී. රාජපක්ෂ නමැති අයෙකුගේ නමට බව සඳහන්වේ.