Home » පොහොට්ටුවට ගමක් ගමක් ගානේ හොඳ ප්‍රතිචාර ති‍ෙයනවා

පොහොට්ටුවට ගමක් ගමක් ගානේ හොඳ ප්‍රතිචාර ති‍ෙයනවා

-මන්ත්‍රී නාමල් රාජපක්ෂ

by sachintha
April 29, 2025 1:49 am 0 comment

රාජ්‍ය සේවකයන් මෙවර පළාත් පාලන මැතිවරණයේදී රජයට හොඳ පාඩමක් උගන්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට තරග කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට වලපනේ, රාගල සහ නුවරඑළිය ප්‍රදේශවල පසුගියදා (24) පැවැති ජන හමු අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය සේවකයන් සාර්ථක ලෙස තැපැල් ඡන්දය සලකුණු කළා. ඇතමෙක් පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවාවී රාජ්‍ය සේවකයන් හොරෙක්, වංචාකරුවෙක් සහ කම්මැලියෙක් බවට ප්‍රකාශ කළා. මේ වන විටත් රජයේ විධායක නිලධාරීන් 43 දෙනකු සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු මාරු කර තිබෙනවා.

මේ වන විට පොදුජන පෙරමුණ සාර්ථක ලෙස මැතිවරණයට මුහුණ දෙමින් සිටිනවා. ජනතාව ඉතා උද්‍යෝගයෙන් පක්ෂය වටා එක්වෙමින් සිටිනවා. ජනතාව තවදුරටත් බොරුවෙන් රවට්ටන්න බෑ. ගමක් ගමක් ගානේ යන කොට ජනතාව කියන කතාවලින් එය තේරුම් ගත හැකියි. අපි හොඳ සංවිධාන ශක්තියකින් මෙවර මැතිවරණයට මුහුණ දෙනවා.”

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT