Saturday, May 3, 2025
Home » මමත් ජවිපෙ පන්ති පහම කරපු කෙනෙක්

මමත් ජවිපෙ පන්ති පහම කරපු කෙනෙක්

-මන්ත්‍රී දිලිත් ජයවීර

by sachintha
April 29, 2025 1:50 am 0 comment

අද සිටින අය පන්ති පහ ගැන හිතන්නටත් කලින් තමන් පන්ති පහට ගිය බව සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පළාත් පාලන මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“මිනීමරුවන් ජෝර්ජ් රත්නායක මහතා මැරුවේ නැත්නම් අදත් මම ඔය පක්ෂයේ සමාජිකයෙක් වෙලා මුහුණේ ලේ බිඳක්, හිනාවක් නැති පුද්ගලයකු වෙන්න තිබුණා. මම දේශපාලනයට ආවේ බොහෝ දෙනකුට උදවු කරලා මිසක් උදවු අරගෙන නෙවෙයි. මම අද ඉන්න බොහෝ දෙනකුට උදවු කර තිබෙනවා. හැබැයි ඒ කිසිවකුගෙන් මම උදවු අරගෙන නෑ.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කිසි දිනෙක නොතිබූ කුමන්ත්‍රණකාරි තත්ත්වයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අද වන විට මේ භූමියේ නිර්මාණය කර තිබෙන්නේ අවිනිශ්චිත වර්තමානයක්. මේ තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගෙනයි අප වැඩ කළ යුත්තේ.

ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ඉතා වැදගත් මැතිවරණයක්. මේ මැතිවරණයේදී අප රටට ජයග්‍රහණ අත්පත් කර දෙන්න සූදානම්. ඒ සඳහා සියලු දෙනාගේම සහාය දෙන්නැයි ඉල්ලා සිටිනවා.”

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT