Home » ගෙවීම් කරන අලුත්ම ක්‍රමය Govpay

ගෙවීම් කරන අලුත්ම ක්‍රමය Govpay

by sachintha
April 29, 2025 1:05 am 0 comment

නව රජයේ දැක්ම අනුව ඩිජිටල් ආදායම් ආර්ථිකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් රැසකි. ඒ අතරින් රථවාහන ස්ථානීය දඩ ගව්පේ (Govpay) ක්‍රමයට ඩිජිටල් මාධ්‍ය හරහා ගෙවීමේ නියමු ව්‍යාපෘතිය ප්‍රවාහන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ඉක්ටා ආයතනය, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය සහ ලංකා පේ ආයතනය එක්ව මේ වන විට ආරම්භ කර තිබේ. Govpay යනු පොලිස් ස්ථානීය දඩ ඩිජිටල් මාධ්‍ය හරහා ක්ෂණිකව ගෙවීමේ ක්‍රමයක් වන අතර, මේ ගෙවීමේ පහසුව MOBILE APPS 05ක් (BOC Smart Pay, Nations Direct, Peoples Pay, Frimi, Helakuru) සහ ONLINE BANKING සේවා 07ක් (DFCC Bank, Nations

Direct, NDB Neos, NSB Bank, Pan Asia Bank, Sampath Bank, Seylan Bank) හරහා දැනට සිදු කිරීමට හැකියාව පවතී. ඉදිරියේදී මේ ගෙවීමේ පහසුව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව පසුගිය 10 වැනිදා සිට හෙට (30) දක්වා අනුරාධපුර, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල තෝරා ගත් පොලිස් කොට්ඨාස 12ක මේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මේ සඳහා ඉතා සාර්ථක ප්‍රතිචාර

ලැබෙමින් පවතින අතර, නුදුරේදීම ගව්පේ ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් වෙමින් පවතී. ඒ පිළිබඳව ගවේෂණාත්මකව කළ තොරතුරු විමසීමකි.

din-04-29-pg16-R1

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT